අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය. A කාණ්ඩය යටතේ තරග වැදී, ක්‍රීඩා කළ තරග 10න් තරග 3ක් ජයග්‍රහණය කරමින් SSC ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 109ක් ලබාගනිමිනි. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූයේ ප්‍රසාද ලකුණු 114ක් ලබාගනිමිනි.තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන දෙසැම්බර් මස 8වනදා කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මෙවර තරගාවලිය තුළ දී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ එක් එක් කාණ්ඩයේ අවසන් කණ්ඩායම් දෙකට Tier B කොටස දක්වා පසුබසින්නට සිදුවෙයි. ඒ අනුව A කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකට පත්වූ ගාල්ල ක්‍රීඩා සමාජයට හා යුධ හමුදා ක්‍රීඩා සමාජයට ද A කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකට පත්වූ ගුවන් හමුදා සහ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජයටත් එළඹෙන වසරේ සිට Tier B කොටස දක්වා පසු බසින්නට සිදුවිය.