ඩොන් බ්‍රැඩ්මන්ගෙන් පසු ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් බවට පත්වනු ඇතැයි මයිකල් වෝන් අනාවැකි පළ කොට ඇත.

පැට් කමින්ස් පසුගිය වසර අති සාර්ථක වසරක් බවට පත් කරගත්තේ, ICC කුසලාන දෙකක්(ලෝක ටෙස්ට් ශූරතාවලිය මෙන්ම ලෝක කුසලානය) දිනාගත් පළමු නායකයා බවට පත් වෙමිනි. කමින්ස් වසර අවසන් කළේ පාකිස්තානයට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේදී 5-48ක් සහ 5-49ක් ලෙසින්, එකම තරගයකදී කඩුලු පහ බැගින් දවාගත් දෙවැනි ඔස්ට්‍රේලියානු නායකයා බවට පත්වෙමිනි.

ෆොක්ස් ක්‍රිකට් සමග සාකච්ඡාවකදී මයිකල් වෝගන්ගෙන් විමසා සිටියේ ඔහුට ඩෙනිස් ලිලී සහ කමින්ස් අතර තෝරා ගැනීමට සිදුවුවහොත් ඔහු තෝරා ගන්නේ කාවද යන්නයි. වෝන් මෙසේ ප්‍රතිචාර දැක්වීය

“මම තිරය මත ඩීකේ [ලිලී] ටිකක් දුටුවෙමි, නමුත් මම සිතන්නේ. පැට් කමින්ස්, කාලයාගේ ඇවෑමෙන් – ඔහු කිසි විටෙකත් සර් ඩොන් [බ්‍රැඩ්මන්] අභිබවා යනු ඇතැයි සිතන්න එපා, නමුත් ශ්‍රීමත් ඩොන්ගෙන් පසු ඔස්ට්‍රේලියාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට කමින්ස් පත් වෙයි”