දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම් වල නිරතවන බව සදහන් කොට ඇත. ඒ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ අධිෂ්ඨානය පෙරටුකොට ගනිමිනි. මේ යුපුන් ඒ පිළිබඳව දැක්වූ අදහසයි

හුඟක් මිනිස්සු යම්කිසිදෙයක් උත්සාහ කරලා ඒක අසාර්ථක වෙලා ඊට වඩා උත්සාහයක් නොකරම ඒ දේ ඉතා ඉක්මනින් අතෑරල දානවා. ඒක ක්‍රීඩාවටත් පොදුයි. දකුණු ආසියාවේ කිසිම ක්‍රීඩකයෙක් මෑත ඉතිහාසයේ මීටර් 100 ඉසව්වව තත්පර 10ට වඩා අඩුවෙන් දුවන එකක් නැතිවෙයි කියලා මතයක් තිබුණා. හැබයි මම ඒ මතය බොරුවක් කියලා ඔප්පු කරලා පෙන්නුවා. මිලියන 2000කට වඩා ජීවත් වෙන දකුණු ආසියාවේ මීටර් 100 ඉසව්ව තත්පර 10ට වඩා අඩුවෙන් දුවපු පළමු සහ එකම කෙනා මම.

අපේ පුංචි රටට ඒ ලොකු අභිමානය ගේන්න මට ඕනි වුණේ උත්සහයයි කැපවීමයි විතරයි. හැකියාව තියෙන මිනිස්සුන්ට උත්සහයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බෑ කියලා හිතන ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා. මමත් දැන් තවත් අඩියක් ඉස්සරහට තියන්න බලාගෙන ඉන්නවා. කැපවීමෙන් පුහුණුවීම් කරනවා. ඒ මගේ පුංචි රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න. ඔව් මගේ රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න මම මගේ උපරිමය කැපවෙනවා.

යුපුන් අබේකෝන් නිළ ෆේස්බුක් පිටුවෙන්