ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගෙ සිය ක්‍රිකට් දිවිය තුළ තමන් පන්දු යැවූ අසීරුම පිතිකරුවා පිළිබඳව හෙළිදරව්වක් කොට ඇත. ඒ අනුව මුරලි විසින් දුෂ්කරතම පිතිකරු ලෙසින් නම් කොට ඇත්තේ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ය. එමෙන්ම මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත කියා සිටියේ තමන් ‘ඉතා අගය කළ’ පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් ජාතික විව් රිචඩ්ස් බවයි.

“දූස්රා පන්දු යැවීමේ මූලික කරුණු මට ඉගැන්නුවේ සක්ලේන් මුෂ්ටාක්. “Doosra” යනු ප්‍රගුණ කිරීමට අභියෝගාත්මක පන්දු යැවීමක්. නිරවද්‍ය ලෙස දූස්‍රා පන්දු යැවීමට මට වසර තුනකට වැඩි කාලයක් ගත වුණා.”

2011 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී කොචි ටස්කර්ස් කේරල සමඟ ක්‍රීඩා කළ ආකාරය ද මුරලි මෙහිදී සිහිපත් කළේය. “කොචි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම හොඳ අත්දැකීමක්. එස්.ශ්‍රීසාන්ත්, සංජු සැම්සන් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ඉදිරියටත් කේරළයෙන් බිහිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,”