46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2020 තරග ඇවිදීමේ තරගාවලිය (කාන්තා/පිරිමි) 27 දින කතරගම දී සාර්ථකව නිමාවට පත්විය.

තරග ඇවිදීමේ තරගාවලියේ (කාන්තා/ පිරිමි) සමස්ත ප්‍රතිඵල සටහන මෙසේය.

විවෘත තරග ඇවිදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව උතුරුමැද පළාත නියෝජනය කළ ඩී.එම්.අයි.එස්.සඳරුවන් ධනුකර ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි.

අනුශූරතාව  ඌව පළාත   නියෝජනය කළ ආර්.එම්.ඩී.රුක්මාල්  ක්‍රීඩකයා දිනා ගත්තේය.

තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ ටී.එස්.නිරෝෂන් අප්පුහාමි ක්‍රීඩකයා විසිනි.

තරග ඇවිදීමේ තරගාවලියේ කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ යූ.වී.කල්හාරි මදිරිකා ක්‍රීඩිකාව දිනාගත්තාය. එහි අනුශූරතාවය උතුරුමැද පළාත නියෝජනය කළ එල්.එම්.එම්.එස්. ජයරත්න  ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබුවාය.

තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ඌව පළාත නියෝජනය කළ ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති ක්‍රීඩිකාව විසිනි.

තරග ඇවිදීමේ තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන  – 2021-03-27

 

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

 

ඩී.එම්.අයි.එස්.සඳරුවන් දනුකර

 

උතුරුමැද පළාත

 

 

1.38: 17

 

ජය සංකේතය සමග මුදලින්

රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ආර්.එම්.ඩී.රුක්මාල් ඌව පළාත

 

1.39: 24 ජය සංකේතය සමග මුදලින්

රු. 40,000/-ක්

 

3 වන ස්ථානය ටී.එස්.නිරෝෂන් අප්පුහාමි බස්නාහිර පළාත

 

1.42: 27 ජය සංකේතය සමග මුදලින්

රු. 30,000/-ක්

 

4 වන ස්ථානය යූ.එල්.එස්.එස්.ප්‍රනාන්දු බස්නාහිර පළාත

 

1.43: 33 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 20,000/-ක්

 

5 වන ස්ථානය එම්.ඩබ්.ධනසිරි මධ්‍යම පළාත

 

1.45: 23 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 18,000/-ක්

 

6 වන ස්ථානය පී.එච්.එස්.එල්.ප්‍රනාන්දු උතුරුමැද පළාත 1.46: 24 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ආර්.ඒ.එස්.සී.රත්නායක සබරගමු පළාත 1.46: 32 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ඒ.පී.කලුපහන බස්නාහිර පළාත

 

1.47: 08 ත්‍යාග පාර්සලය සමග මුදලින්     රු. 12,000/-ක්

 

9  වන ස්ථානය ඩබ්.එම්.ආර්.සී.වැලිකුඹුර උතුරුමැද පළාත

 

1.47: 23 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 10,000/-ක්

 

10  වන ස්ථානය ජේ.එම්.පී.වයි.සේකර නැගෙනහිර පළාත 1.47: 32 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 8,000/-ක්

 

 

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

තරග ඇවිදීමේ තරගාවලිය  (කාන්තා)  – ප්‍රතිඵල සටහන  – 2021-03-27

 

 

ලබාගත් ස්ථානය

 

 

ක්‍රීඩිකාවගේ නම

 

පළාත

 

වාර්තා කළ කාලය

 

ලබාදුන් මූල්‍යමය

ප්‍රදානය

 

1 වන ස්ථානය යූ.වී.කල්හාරි මදිරිකා බස්නාහිර

පළාත

 

01.51: 19 ජය සංකේතය සමග මුදලින්

රු. 50,000/-ක්

2 වන ස්ථානය එල්.එම්.එම්.එස්. ජයරත්න උතුරුමැද  පළාත

 

01.57: 44 ජය සංකේතය සමග මුදලින්

රු. 40,000/-ක්

3 වන ස්ථානය ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති ඌව පළාත

 

01.58: 40 ජය සංකේතය සමග මුදලින්

රු. 30,000/-ක්

4 වන ස්ථානය ටී.එච්.ඩී.දිල්හානි දකුණු පළාත 02.03: 27 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 20,000/-ක්

 

5 වන ස්ථානය සී.අයි.තෙන්නහෙන්නදි ඌව පළාත

 

02.06: 14 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 18,000/-ක්

 

6 වන ස්ථානය කේ.ශෂිකලා දිල්ෂානි දකුණු පළාත

 

02.08: 29 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ඩබ්.එච්.ලක්ෂ්මි කලයායි දකුණු පළාත

 

02.10: 45 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 14,000/-ක්

 

8 වන ස්ථානය එච්.එච්.දිලිනි සඳරේඛා දකුණු පළාත

 

02.17: 42 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 12,000/-ක්

 

9  වන ස්ථානය එච්.එච්.සුබෝධා හංසිකා

 

 

 

දකුණු

පළාත

 

2.18: 08 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 10,000/-ක්

 

10  වන ස්ථානය එම්.සී. ජයතිලක බස්නාහිර පළාත

 

2.27: 38 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 8,000/-ක්

 

 

ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල යන මහත්වරුන්ගේ  සහභාගිත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේ දී  පැවැත්විණි.