නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවට අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ දැක්වූ දක්ෂතා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගත වල ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත.

නවතම පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් 19වැන්නා බවට පත් වන්නට චරිත් අසලංක සමත් වී ඇත. මෙම තරගාවලිය මග හැරුණු පැතුම් නිස්සංක ශ්‍රේණිගතකිරීම් හි 28 දක්වා ස්ථාන 2කින් පසුබැස ඇත. සදීර සමරවික්‍රම ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 47 වැනි ස්ථානයට පත් වද්දී නායක කුසල් මෙන්ඩිස් 46වැනි ස්ථානයේ රැදී සිටියි.

එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගතකිරීම් වල ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට මහීෂ් තීක්ෂණ සමත් වද්දී ඔහු 11 වන ස්ථානය හිමි කොටගෙන ඇත. සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක රිචඩ් නගරාවා ස්ථාන 23කින් ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත්තේ 27 වන ස්ථානය හිමිකරගනිමිනි. වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 36වන ස්ථානයේ රැදී සිටියි.

එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම් වල ස්ථාන 7ක් ඉදිරියට පැමිණෙමින් 30 වැන්නා බවට පත් වන්නට මහීෂ් තීක්ෂණ සමත් වී ඇත. විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් වල ද ස්ථානයක් ඉදිරියට පැමිණෙන්නට මහීෂ් තීක්ෂණ සමත් වී ඇති අතර ඔහු 5වැන්නා බවට පත් වී ඇත.