මහීෂ් හා වනිදු හෙට දිනයේදී කණ්ඩායම සමගින් එක් නොවන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් නිළ වශයෙන් එළි දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස අවධානයෙන් පසුවන අතර තවමත් ශ්‍රි ලංකා හා බංග්ලාදේශ සංචිතය එළි දක්වන්නට අපොහොසත් වී ඇත.

මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හෙට රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාව බලා ගමන් නොකරන අතර තීක්ෂණ ඔහුගේ ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් අනතුරුව සතියකට පමණ පසුව කණ්ඩායමට එක්වනු ඇතැයි වාර්තා වෙයි.

වනිදු හසරංග ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නෙද යන්න හෝ වනිඳු වෙනුවට චාමික කරුණාරත්න හෝ දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවන්නේද යන්න පිළිබඳව තේරීම් කමිටු සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා පළ වෙය. කෙසේ නමුදු හෙට සංචිතය මෙරටින් පිටත්ව යා යුතුයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top