හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙත අලුත් වගකීමක් පැවරී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක වේගපන්දු පුහුණුකරු තනතුරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හිමිකාරිත්වය දරන මුම්බායි කේප්ටවුන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් ලසිත් මාලිංග පත් කොට තිබෙනවා. කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු ලෙසින් හෂීම් අම්ලා තවදුරටත් කටයුතු කරනු ඇත.

එළඹෙන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද මාලිංග කටයුතු කරයි. මෙම වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති MCL තරගාවලියේ ශූරතාවය දිනූ මුම්බායි නිව්යෝර්ක් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළේද මාලිංගයි