මාලිංග කරපු වැඩේ මතීෂට කරන්න පුළුවන් – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]2023 ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේදී මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දු යැවීම ඉර්ෆාන් පතාන්ගේ පැසසුමට ලක්වී ඇත. ඊයේ පල්ලෙකැලේ හිදී පැවැති තරගයේ දී බංගලාදේශය ලකුණු 164කට දැවී ගිය අතර පතිරණ පන්දුවාර 7 පන්දු 4කදී ලකුණු 32කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. ලසිත් මාලිංග ශ්රී ලංකාව වෙනුවෙන් කළ කාර්යභාරය මතීෂ පතිරණට සිදු කළ හැකි බව ස්ටාර් ස්පෝර්ට්ස් සමග සාකච්ඡාවකදී පතාන් සදහන් කොට ඇත.

” ඔහු කඩුලු හතරක් දවාගත් අතර එහිදී ඔහු බවුන්සර් පන්දු, Hard Length හි පතිත කළ පන්දු හා මන්දගාමී පන්දු යවන ආකාරය දැකගන්න පුලුවන් වුණා. ඔහු ටස්කින් අහමඩ්ව සම්පූර්ණයෙන්ම මුලා කරා. ශ්රී ලංකාවට තරඟ දිනන්න පුළුවන් පන්දු යවන්නෙක් ඉන්නවා. ඉස්සර මාලිංග කරපු වැඩේ මේ කොල්ලට කරන්න පුළුවන්. මතීෂගේ ස්ලෝ බෝල් එකත් ඔහුගේ වගේමයි.”

” ඔහු එක් දෙයක් ගැන පමණක් මතක තබා ගත යුතුය, ඔහු ආබාධයන්ට ලක් නොවිය යුතුය. ඉදිරි වසර 10 තුළ ඔහු ආබාධයකට ලක් නොවන්නේ නම්, ඔහුට ශ්රී ලංකාවේ පමණක් නොව ලෝකයේම චැම්පියන් බෝලර් කෙනෙක් වෙන්න පුලුවන්.”

” ඔහු ශකීබ්ව දවාගත්තා. ශකිබ් ප්රමාද වුණා, ඒ නිසා පන්දුව අත්වැසුම්වල වැදුනා. එය අපූරු උඩපන්දුවක්. එම පන්දුව සාමාන්ය පන්දුවක් වුණත් මතීෂගේ අමුතු පන්දු යැවීමේ ඉරියව්ව පිතිකරුවන්ට අඩුපාඩු සිදු වෙන්න පුලුවන් ආකාරයේ එකක්. ඉන් අනතුරුව ඔහු මුෂ්ෆිකර් රහීම්ව දෙවරක් දවා ගත්තා. රහීම් දැවී ගිය නමුත් කුසල් මෙන්ඩිස්ගේ සහය ඒ අවස්තාවේදී ලැබුනේ නෑ. ඊට පස්සේ ඔහු තියුණු බවුන්සරයක් යවලා කඩුල්ල දවාගත්තා. “[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top