මාලිංග මුම්බායි යද්දී බෝන්ඩ් රාජස්ථාන් වේගපන්දුව බාර ගනී.

හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂේන් බොන්ඩ් 2024 වාරයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද දිනයේදී නිවේදනය කළහ.

රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අවස්ථා දෙකක් සේවය කිරීමෙන් පසු මුම්බායි ඉන්දියන්ස් වේගපන්දු පුහුණුකරු ධූරයට පත් වූ ලසිත් මාලිංග වෙනුවට ශේන් බෝන්ඩ් රාජස්ථාන් පිළේ වේගපන්දු පුහුණුකරු ධූරයට පත් කොට ඇත. ශේන් බෝන්ඩ් මින් පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළේය.

” ෂේන් ​​යනු නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක්. අත්දැකීම් සහ දැනුම සම්භාරයක් ඔහු එක්ක එනවා. ඔහු IPL කණ්ඩායම් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම වසර ගණනාවක් ඉන්දියාව තුළ වැඩ කරකා තියෙනවා. ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වල ක්‍රියා පටිපාටිය ගැන ඔහුට මනා දැනුමක් තියෙනවා. ” යනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර සදහන් කොට ඇත.