ඉතියෝපියානු දිගු දුර ධාවන ශූරිය Gudaf Tsegay විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. ඒ මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව ඇයගේ නම ඉදිරියේ ලියවා ගනිමින්. ඇය විසින් බිද හෙලුවේ මෙම වසරේ දී කෙන්යාවේ ෆෙයිත් කිපියේගොන් විසින් පිහිටුවා තිබු වාර්තාවයි.

Gudaf Tsegay විසින් ඩයමන්ඩ් ලීග් ශූරතා තරගාවලියේ දී මිනිත්තු 14.00.21ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා. මින් පෙර ලෝක වාර්තාව ලෙසින් සටහන්ව තිබුණේ කිපියේගොන් විසින් පිහිටුවා තිබූ මිනිත්තු 14.05.20ක කාලයයි.