2025 ආසියානු කුසලානය T20 ආකෘතියෙන් පැවැත්වෙයි. 2023 ODI ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා අවසන් වරට පැවති ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 ආකෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීය. 2026 T20 ලෝක කුසලානය සඳහා වඩා හොදින් සූදානම් වීම සදහා මීළඟ ආසියානු කුසලාන තරගාවලි T20 ආකෘතියකින් ක්‍රීඩා කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) තීරණය කර ඇත.

ඒ අනුව 2016 සහ 2022 තරගාවලි වලින් පසුව T20 ආකෘතියෙන් පැවැත්වෙන තුන්වන ආසියානු කුසලානය මෙය වනු ඇත. Cricbuzz වෙබ් අඩවියට අනුව, ACC හි එළඹෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී 2025 ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය සහ ආකෘතිය පිළිබඳව තීරණය කරනු ඇත.

රැස්වීම තවත් දින දෙකකින් ඉන්දුනීසියාවේ බාලි හිදී පැවැත්වේ. 2025 ආසියානු කුසලානයේ සත්කාරකත්වය සඳහා රටවල් දෙකක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය තරඟ වදී.