2024 IPL තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස හර්දික් පාණ්ඩ්‍යාව පත් කර ඇත. මෑතකදී ගුජරාට් ටයිටන්ස් වෙතින් MI විසින් ආපසු ගෙන එන ලද පාණ්ඩ්‍යා එළඹෙන තරගවාරය වෙනුවෙන් මුම්බායි පිළ මෙහෙයවනු ඇත. ඒ අනුව 2013 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා වෙනුවට පාන්ඩ්‍යාව නායකත්වය වෙනුවෙන් නම්කොට ඇත.

සිකුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මුම්බායි ඉන්දියන්ස් ෆ්‍රැන්චයිස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ, ” මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට, සචින්ගෙ පටන් හර්බජාන් දක්වාත් රිකී පොන්ටින්ගේ පටන් රෝහිත් දක්වාත් සුවිශේෂී නායකත්වයන්ගේ ආශීර්වාදය තිබූ බවයි. ඔවුන් අනාගතය සඳහා කණ්ඩායම ශක්තිමත් කිරීම කෙරෙහි සැමවිටම අවධානය යොමු කර ඇත. IPL 2024 වාරය සඳහා Hardik Pandya මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය භාර ගන්නේ මෙම දර්ශනයට අනුව ය.”

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “රෝහිත් ෂර්මාගේ සුවිශේෂී නායකත්වය වෙනුවෙන් අපි ඔහුට අපගේ කෘතඥතාව පළ කරමු. ඔහු 2013 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කාලය අසාමාන්‍ය දෙයක් නොවේ. ඔහුගේ නායකත්වය කණ්ඩායමට අසමසම සාර්ථකත්වයක් ගෙන දුන්නා පමණක් නොව IPL ඉතිහාසයේ විශිෂ්ටතම නායකයෙකු ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කර ඇත.”