මුම්බායි ඉන්දියන්ස් බලගතු වේගපන්දු බලඇණිය ගැන මාලිංග සතුටින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී තම කණ්ඩායමට ආකර්ෂණීය නම් කිහිපයක් එක් කර ගැනීම සමබන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු උද්යෝගයෙන් පසු වෙයි.

ජෙරල්ඩ් කොයිට්සි සහ ඩිල්ෂාන් මධුශංක වැනි දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් තම කණ්ඩායමට එක් කර ගැනීමට හැකිවීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එය සතුටුදායක දිනයක් බවට පත් විය.

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වක් සහිත ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. මෙම ක්‍රීඩකයන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක් කොට ගැනීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග සිය X ගිණුමෙහි සටහනක් තබා ඇත.

“බලගතු, IPL2024 සඳහා අපගේ වේගපන්දු යැවීමේ පෙළගැස්ම දකින විට මගේ මතකයට නැඟෙන පළමු වචනය එයයි. ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, ජෙරල්ඩ් කොට්සී මුම්බායි වෙත සාදරයෙන් පිළිගන්නවා.”

“මම ඔවුන්ගෙ බොහෝ දක්ෂතා සහ හැකියාව දකිනවා. ඔවුන් MI සැකසුම තුළ සිටීමත් සමඟ ඉදිරි වසරවලදී අපගේ වේග පන්දු බලඇනිය ඉදිරියට පැමිණේවි.අපගේ වේගපන්දු බළඇණියේ නායකයා වන Jasprit Bumrah, Behrendorff, Akash සහ අපගේ අලුත් පන්දු යවන්නන් ද ඇතුලුව හොඳම වේග පන්දු යැවීමේ ඒකකයක් සමඟ තරඟාවලියට යනවා. මට මාර්තු වෙනකන් ඉන්න බෑ මේ කට්ටිය එක්ක වැඩ කරන්න”

Back To Top