ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද ලයනල් මෙසී ද? එය දශකයකට වැඩි කාලයක් පාපන්දු ලෝලීන් අතර පැවති විවාදයයි. සමහරු ක්‍රීඩකයන් දෙදෙනාම අගය කළද සමහරු එක් ක්‍රීඩකයෙකුගේ පැත්ත ගන්නට විය. නමුත් රොනාල්ඩෝ පවසන පරිදි, දෙදෙනා අතර “එදිරිවාදිකම්” නිමාවට පත් වී ඇත්තේ ඔවුන් යුරෝපීය ක්‍රීඩා සමාජ අත හැර නව ක්‍රීඩා සමාජ වෙත යොමු වූ නිසාවෙනි.

“මම එහෙම දෙයක් දැන් දකින්නේ නැහැ, එදිරිවාදිකම් නැතිවෙලා තියෙනවා. ඒක හොඳයි, රසිකයෝ උනත් ඒකට කැමතියි. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කැමති අය මෙසීට වෛර කළ යුතු නෑ. ඔවුන් දෙදෙනාම ඉතා හොඳ ක්‍රීඩකයන්, ඔවුන් පාපන්දු ඉතිහාසය වෙනස් කළා, ” යනුවෙන් 38 හැවිරිදි රොනාල්ඩෝ සදහන් කොට ඇත.

රොනාල්ඩෝ සහ මෙසී ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ හොඳම කාලයේදී රියාල් මැඩ්රිඩ් සහ බාර්සිලෝනා වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එය ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ රසිකයන් අතර එදිරිවාදිකම් ඉහළ නැංවීමට හේතුවක් විය.

“අපි ලොව පුරාම ගෞරවයට පාත්‍ර වෙනවා, එය තමයි වැදගත්ම දෙය, ඔහු ඔහුගේ මාර්ගය අනුගමනය කරනවා, මම මගේ මාර්ගය අනුගමනය කරනාවා. මම දැකපු දේවල් අනුව ඔහු හොඳටම කරලා තියෙනවා. අපි ඉදිරියටම යනවා. මම එය එදිරිවාදිකමක් විදියට දකින්නේ නැහැ.”