යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිවිසීමට කිසිදු සූදානමක් නොමැති බව ඉසුරු උදාන පවසයි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවට මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් වාර්තාවක සදහන් විය.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා හා ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් ඇතුලු ක්‍රීඩකයන් හයදෙනෙක් පමණ විස්සයි විස්ස සංචිතයට කැදවීමේ සූදානමක් පවතින බව තේරීම් කමිටු ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් Ceylon Sports අප සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ඉසුරු උදාන සදහන් කොට සිටියේ යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තමා තුළ අදහසක් නොමැති බවයි. බොහෝ දුරට තිසර පෙරේරා යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇති බව ක්‍රීඩා ආරංචිමාර්ග සදහන් කොට ඇත.

Back To Top