බංගලාදේශයේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන රංගන හේරත් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී උපදේශක භූමිකාවක් භාර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවට Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය, පැවති ගිවිසුම් අවසන් වීමත් සමඟ පුරප්පාඩු වූ විවිධ පුහුණු තනතුරු සඳහා අයදුම්පත් කැදවීම අරඹා ඇත. නමුත් හේරත්ගේ ධූර කාලය නිම වූ පසු පුරප්පාඩු වූ දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැදවීමක් පිළිබඳව කිසිදු සටහනක් නොවූ බව Cricbuzz වාර්තා කොට ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධූරයෙන් ඔබ්බට යමින් විවිධ වයස් කාණ්ඩවල පන්දු යවන්නන් සමඟ වැඩ කිරීමට නව භූමිකාවක් රංගන වෙත පවරන්නට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බවට එම වාර්තා වැඩිදුරටත් සදහන් කොට ඇත.

නව තනතුර අනුව, හේරත් වාර්ෂික පදනමින් ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස සේවය කිරීම වෙනුවට රට පුරා සිටින දඟපන්දු යවන්නන්ට මඟ පෙන්වමින් දින 200ක් බංග්ලාදේශයේ ගත කිරීමට අපේක්ෂා කෙරේ.