බංග්ලාදේශයේ පැවැති 5 වැනි ඩකා මැරතන් තරගයේ කාන්තා අංශයේ 3 වැනි ස්ථානය දිනාගැනීමට ලංකා ආරියදාස සමත් විය. ඇය මෙම තරගය නිමාවට පත් කළේ පැය 2 මිනිත්තු 55 තත්පර 28ක කාලයකිනි.

මෙම තරගයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා S.N. නිදර්ශනීටයි. ඇය මෙම තරගය පැය 3 තත්පර 54කදී නිමාවට පත් කළාය. ලංකා ආරියදාසට ටකා 2,00,000ක් (රුපියල් 5,80,000) සහ නිදර්ශනීට ටකා 1,50,000ක් (රුපියල් 4,35,000) ත්‍යාග මුදලක් හිමි විය.

මෙම තරගයේ පිරිමි ඉසව්ව වෙනුවෙන් ඉදිරිපත් වූ N.S. කරුණාරත්නට එහි 8 වැනි ස්ථානය හිමිවිය. ටී.රත්නපාල 10 වැන්නා ලෙසින් හා එම්.සිවරාජන් 11 වැන්නා ලෙසින් තරගය අවසන් කළහ.