ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අතහැර ෆෙරාරි වෙතට

ලුවිස් හැමිල්ටන් 2025 තරගවාරය සඳහා ෆෙරාරි සමගින් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හත් වරක් ෆෝමියුලා වන් ශූරයා ලෙසින් කිරුලු දැරූ ලුවිස් හැමිල්ටන් 2025 තරග වාරයේ සිට මර්සිඩීස් අත් හැර ෆෙරාරි සමගින් එක්වනු ඇත. හැමිල්ටන් 2025 වාරයේදී චාල්ස් ලෙක්ලර්ක් සමඟ එක්ව තරග කිරීමට නියමිත බව BBC වාර්තා කොට ඇත.

39 හැවිරිදි ඔහු පසුගිය ගිම්හානයේදී 2024 සහ 2025 තරගවාර වෙනුවෙන් සඳහා මර්සිඩීස් සමඟ නව වසර දෙකක ගිවිසුමක් අත්සන් කළ නමුත් ඔහු එක් තරගවාරයක් පමණක් මර්සිඩීස් වෙනුවෙන් තරග වදිනු ඇත. ෆෙරාරි හි Carlos Sainz වෙනුවට හැමිල්ටන් 2025 තරගවාරය වෙනුවෙන් එක්වනු ඇත. Sainz ගේ කොන්ත්‍රාත්තුව 2024 අවසානයේ අවසන් වීමට නියමිත අතර ෆෙරාරි හි අනෙක් රියදුරු වන ලෙක්ලර්ක් නව දිගු කාලීන ගිවිසුමකට එකඟ වී ඇත.