ලෝක කුසලාන සංචිතය නම් කිරීමට මහේලත් එක් වෙයි

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන මස ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නම් කිරීමට නියමිත බව වාර්තා පළවෙයි. මෙම කණ්ඩායම නම් කිරීම වෙනුවෙන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමගින් සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න හා හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එක්වීමට නියමිතය.

තවද මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. බොහෝ දුරට කණ්ඩායම් නායකත්වයෙහි වෙනසක් සිදුවනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top