ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පළමු ගැටුම හෙට

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සනිටුහන් කරමින් නවසීලන්ත සමග පැවත්වෙන පළමු ටෙස්ට් තරගය 14, එනම් හෙට දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වුවත් ගාල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා තරගය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුවී ඇත.

කාලගුණ තත්වය කෙසේ වූවත් දින හතරක හෝ තරගයක් නැරඹීම ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී නවසීලන්ත කණ්ඩායම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉහළින් සිටියද මෙරට පැවත්වෙන බහුතරයක් ටෙස්ට් තරගවල ශ්‍රේණිගත කිරීම් පුස්සක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව වැඩි දක්ෂතා දක්වා ඇත.

විශේෂයෙන්ම හෙට තරගය පැවත්වෙන ගාල්ල ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට ඉමහත් සහයක් දක්වන ක්‍රීඩාංගණයක් වන අතර එම නිසා වේග පන්දු යවන්නන්ට වඩා දඟ පන්දු යවන්නට වැඩි අවධානයක් යොමු වනු ඇත.

කණ්ඩායම් දෙකේදීම දඟ පන්දු යවන බලඇණිය සලකා බැලීමේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ලෙස ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය සහ ධනංජය ද සිල්වා සංචිතයට නම් කොට ඇති අතර තිදෙනාම හෙට තරගයට සහභාගී වීමට වැඩි ඉඩකඩක් ඇත.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන බලඇණිය යම් කිසි දුර්වලතාවයක් දක්වන අතර අවධානය යොමු කල යුතු එකම දඟ පන්දු යවන්නා වන්නේ පුහුණු තරගයේ ද කඩුලු 5ක් දවාගත් අජාස් පටෙල්ය.

වේග පන්දු බලඇණිය සැලකීමේදී නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටින අතට අත්දැකීම් සහිත දක්ෂතා අතට සිටින ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුතී , නියිල් වෙග්නර් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක සුරංග ලක්මාල් සමග යොවුන් පන්දු යවන්නනන් වන ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමේ සිටී.

කණ්ඩායම් දෙකේම පිතිකරණ සංයුතිය සැලකීමේදී කණ්ඩායම් දෙකේම පිතිකරණ ලැයිස්තුව ඉතා සවිමත් වන අතර පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි නොවූ හිටපු ටෙස්ට් නායකයන් දෙපල වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකාවට විශාල වාසියකි.
මීට අමතරව නිරෝශන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර දිමුත් කරුණාරත්න සමග ලහිරු තිරිමාන්න හෝ ධනංජය ද සිල්වා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීසා කරනු ඇත.

නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව ඊට නොදැවෙනි සවිමත් සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වෙන අතර එහිදී අවධානය යොමු කල යුතුම ක්‍රීඩකයන් ලෙස නායක කේන් විලියම්සන්, රෝස් ටේලර් සහ ටොම් ලැතම් ඉදිරියෙන්ම සිටී.

එකිනෙකට නොදෙවනි පිතිකරණ සහ පන්දු යවන බලඇණියකින් සමන්විත කණ්ඩායම් දෙක අතට සුන්දර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයට වර්ෂාව හරස් නොවී උසස් තත්වයේ ක්‍රිකට් තරගයක් නැරඹීම ප්‍රේක්ෂකයන් වන අපගේ එකම බලාපොරොත්තුවයි.

සියාම් මොහොමඩ්[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top