2023 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා නිර්දේශිත අවසන් තරඟකරුවන් හා තරග කාරිනියන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කොට ඇත. මළල ක්‍රීඩා පිටිය තුළ වසර පුරාවට නව වාර්තා පිහිටුවමින් විශිෂ්ට දස්කම් පෑ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙලෙසින් අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. එම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු වසරේ දැක්වූ දක්ෂතා පහත පරිදිය

ක්‍රීඩකයන්
Neeraj Chopra – ඉන්දියාව (හෙල්ල විසිකිරීම)
හෙල්ල විසීමේ ලෝක ශූරයා, ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ශූරයා

Ryan Crouser – ඇමරිකා එක්සත් ජනපදය(යගුලිය දැමීම)
වත්මන් යගුලිය දැමීමේ ලෝකශූරයා මෙන්ම ලෝක වාර්තාව මොහු සතුය.

Mondo Duplantis – ස්වීඩනය (රිටිපැනීම)
රිටි පැනීමේ ඉසව්වේ ලෝක ශූරයා වන මොහු ලෝක වාර්තාව ද අලුත් කරමින් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී ද රිටි පැනීමේ ශූරයා බවට පත් විය. පසුගිය වසරේ දී ලෝක මළල ක්‍රීඩකයා සම්මානයට පාත්‍ර වූයේ ද මොහුය.

Kelvin Kiptum – කෙන්යාව (මැරතන්)
ලන්ඩන් හා චිකාගෝ මැරතන් තරගයන් ජයග්‍රහණය කළ මොහු මෙම වසරේ දී මැරතන් ලෝක වාර්තාව ද අලුත් කිරීමට සමත් විය.

Noah Lyles – ඇමරිකා එක්සත් ජනපදය (කෙටි දුර ධාවන ශූර)
මීටර් 100 හා 200 ඉසව්වේ ලෝක ශූරයා වන මොහු මීටර් 200 අවසන් මහා තරග 6කදීම ලොව ප්‍රමුඛයා බවට පත් විය.

ක්‍රීඩිකාවන්
Tigist Assefa – ඉතියෝපියාව (මැරතන්)
වත්මන් මැරතන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන මැය බර්ලින් මැරතන් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

Femke Bol – නෙදර්ලන්තය (මීටර් 400හා 400 කඩුලු)
මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝක ශූරිය වන මැය ගෘහස්ථ මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාව සිය නාමය ඉදිරියේ ලියවාගන්නට සමත් විය

Shericka Jackson – ජැමෙයිකාව (කෙටි දුර ධාවන ශූරිය)
මීටර් 200 ඉසව්වේ ලෝක ශූරිය වන මැය ලෝක මළල ක්‍රීඩා ශූරයා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ දී රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. එමෙන්ම ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී මීටර් 100 හා 200 ඉසව් වල ශූරිය බවට ද ඇය පත් විය.

Faith Kipyegon – කෙන්යාව(දිගුදුර ධාවන ශූරිය)
මීටර් 1500 හා 5000 ඉසව් වල ලෝක ශූරිය. මීටර් 1500, 5000 ඉසව් වල ලෝක වාර්තා පිහිටුවීම

Yulimar Rojas – වෙනිසියුලාව (තුම්පිම්ම)
ලෝක ශූරිය හා ඩයමන්ඩ් ලීග් ශූරිය.