වෝනර්ගේ අඩුව පුරවන්නට ස්මිත් පෙරට එයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන සතියේ ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියාව සිය සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඩේවිඩ් වෝනර් වෙනුවට ස්ටීව් ස්මිත් ආරම්භක පිතිකරු ලෙසින් ඇතුළත් කොට ඇත.

13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එළිදක්වා පැය කිහිපයකට පසු බදාදා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි මේ බව තහවුරු කොට ඇත. කැමරන් ග්‍රීන් හට පිතිකරණ ලැයිස්තුවේ අංක හතර ස්ථානයට ඉඩ සලසමින් ස්මිත් හා උස්මාන් කවාජා ආරම්භක පිතිකරුවන් ලෙසින් නම් කොට ඇත.

එය අත්හදා බැලීමක් ද එසේත් නැතිනම් ආරම්භක පිතිකරුවෙකු ලෙස අසාර්ථක නම් නම් ස්මිත්ට අංක 4 හි පැරණි ස්ථානයට යා හැකි දැයි ඇසූ විට බේලි මෙසේ පිළිතුරු දුන්නේය.

“මට කියන්න පුළුවන් හැම දෙයක්ම අත්හදා බැලීමක් කියලා. එය ස්ටීව් සමඟ කළ සාකච්ඡාවල කොටසකි, මෙය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් වීමට ඔහු උනන්දු වන බව මම විශ්වාස කරමි”

Back To Top