ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවලදී චීනයේ Hangzhouහිදී පැවැත්වෙයි. තරගාවලියේ අද දිනයේදී පැවති මළල ක්‍රීඩා ඉසව්වලින් තවත් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව පාලිත බණ්ඩාර,ජනනී ධනංජනා හා කුමුදු ප්‍රියංකා මෙලෙසින් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය.

පාලිත බණ්ඩාර සිය පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත් විය.එහිදී ඔහු මීටර් 14.15 ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

එමෙන්ම ජනනී ධනංජනා ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.89 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකා එම ඉසව්වේම ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත් වූයේ මීටර් 4.76 ක දක්ෂතාවක් දක්වමිනි.