සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන නිකුත් කොට ඇත. ඒ අනුව එක් ටෙස්ට් තරගයක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත් වී ඇත.

තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වනදා සිට 6 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද විස්සයි විස්ස තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ද පැවැත්වෙනු ඇත.

ටෙස්ට් තරගය
පෙබරවාරි 2-6 – කොළඹ SSC ක්‍රීඩාංගණයේදී

එක්දින තරගාවලිය (කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
පළමු තරගය – පෙබරවාරි 9
දෙවන තරගය – පෙබරවාරි 11
තෙවන තරගය – පෙබරවාරි 13

විස්සයි විස්ස තරගාවලිය (රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී)
පළමු තරගය – පෙබරවාරි 17
දෙවන තරගය – පෙබරවාරි 19
තෙවන තරගය – පෙබරවාරි 21