සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත.

ටෙස්ට් තරග වෙනුවෙන් එක්වන ඇෆ්ගනිස්ථාන සංචිතය ඊයේ දිනයේ දී මෙරටට පැමිණ ඇත. දෙරට අතර ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2 සිට 6 දක්වා පැවැත්වෙයි.