ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 293 ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සිනෙත් ජයවර්ධන පන්දු 69කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 82 රැස් කිරීමට සමත් වුණා. ඔහුට අගනා සහයක් ලබා දුන් සහයක් ලබා දුන් රුසඳ ගමගේ පන්දු 64කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 66 ක් රැස් කළා. ආරම්භක පිතිකරු පුලිදු පෙරේරා ලකුණු 47ක් රැස්කළ අතර පාකිස්තානය වෙනුවෙන් උබයිද්, ඉබ්ටිසාම් හා අරෆත් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

ඉලක්කය හඹා යාමට පිටියට පිවිසෙන පාකිස්තාන ක්‍රීඩකයන්ට සාර්ථක වන්නට මෙවර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ. ඒ අනුව පන්දුවාර 32 පන්දු 3ක් තුළදී පාකිස්තාන ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි. එහිදී වැඩිම ලකුණු ලකුණුලාභියා වූ අරෆත් මින්හාස් පන්දු 55කදී ලකුණු 57ක් රැස්කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් විහස් තෙව්මික හා මල්ෂ තරුපති ලකුණු 12ට කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වද්දී විශ්ව ලහිරු ද කඩුලු 2 දවාගැනීමට සමත් විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යෞවනයන් සමත් විය. අද තරගයේ වීරයා ලෙසින් විහස් තෙව්මික සම්මානයට පාත්‍ර විය.

Back To Top