සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුලත්ය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කෝටි 4.8කට මුම්බායි කණ්ඩායමට අලෙවි වූ නුවන් තුෂාර ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී ඇත. එමෙන්ම පැතුම් නිස්සංක යෝග්යතා පරීක්ෂණයට යටත්ව කණ්ඩායමට ඇතුලත් කොට ඇත.

1) වනිඳු හසරංග – නායක
2) චරිත් අසලංක – උප නායක
3) කුසල් මෙන්ඩිස්
4) සධීර සමරවික්‍රම
5) කුසල් ජනිත් පෙරේරා
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දසුන් ශානක
8) ධනංජය ද සිල්වා
9) කමිඳු මෙන්ඩිස්
10) පැතුම් නිශ්ශංක – යෝග්‍යතාවයට යටත්ව
11) මහේෂ් තීක්ෂණ
12) දුෂ්මන්ත චමීර
13) ඩිල්ෂාන් මධුශංක
14) මතීෂ පතිරණ
15) නුවන් තුෂාර
16) අකිල ධනංජය