ශ්‍රී ලංකාවට එරෙහි තරඟයට පාකිස්තානයේ වෙනස්කම් 5ක්

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තවත් එක් තීරණාත්මක තරගයක් හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරඟයට නිසැකවම පිවිසෙනු ඇත.

පාකිස්තාන කණ්ඩායම හෙට තරඟයට වෙනස්කම් 5ක් සමගින් එක් වීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේ ක්‍රීඩා කරන කණ්ඩායම ඔවුන් මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇත. වේග පන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ් හා නසීම් ශා යන දෙදෙනාම හෙට දිනයේදී ක්‍රීඩා නොකරයි. එමෙන්ම ෆකර් සමාන් ද හෙට දිනයේ තරගයෙන් ඉවත් කොට ඇත.

පාකිස්තාන කණ්ඩායම
මොහොමඩ් හැරිස්
ඉමාම් උල් හක්
බාබර් අසාම්
මොහොමඩ් රිස්වාන්
සෞඩ් ශකීල්
ඉෆ්ටිකාර් අහමඩ්
ෂඩාබ් ඛාන්
මොහොමඩ් නවාස්
ෂහීන් අෆ්‍රිඩි
මොහොමඩ් වසීම්
සමන් ඛාන්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top