ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පදක්කම් බලාපොරොත්තුව ඉටුවෙයි.

[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරග අද ක්‍රියාත්මක වුණා. බංග්ලාදේශය සමගින් පැවති තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබාගනිමින් පදක්කම් බලාපොරොත්තු තහවුරු කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 75ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ශවාල් සුල්ෆිකාර් ලකුණු 16ක් රැස්කිරීමට සමත් වුණා. පාකිස්තානය වෙනුවෙන් ලකුණු 10 කඩයිම පසුකළේ ක්‍රිඩිකාවන් තිදෙනෙක් පමණයි.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝදනී ලකුණු 21ට කඩුලු 3ක් ද කවීෂා දිල්හාරි ලකුණු 15ට කඩුලු 2ක්ද ඉනෝෂි, අචිනි හා ඉනෝකා එක් කඩුල්ල බැගින්ද දවාගත්තා. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය කිරීමට සමත් වූයේ පදක්කම් සිහිනය යථාර්ථයක් කරගනිමින්

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් ද නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 18ක් ද චමරි හා අනුෂ්කා ලකුණු 14ක් හා 15 බැගින්ද රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

අවසන් මහා තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා අතර එම තරගය පරාජයට පත්වුවත් රිදී පදක්කම හිමිවනු ඇත. ලහිරු තිරිමාන්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ පැවති තරගාවලියේ දී ද රන් පදක්කම දිනාගැනීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top