ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය සෙනසුරාදා චීනය බලා පිටත්ව ගියා. ඒ සති තුනක පුහුණු වීම් කඳවුරක් සඳහාය. ඒ අනුව මෙම පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා පුහුණු කරුවන් දෙදෙනකු සහභාගි වීමට නියමිතයි.

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන්, නදීෂා රාමනායක, ජයේෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් මෙම පුහුණු කදවුර සදහා එක්වීමට චීනය බලා ගිය කණ්ඩායමට ඇතුළත්.

කණ්ඩායම සමගින් මුද්දික තුෂාර පුහුණුකරු ලෙසින් එක් වූ අතර විමුක්ති ද සොයිසා කණ්ඩායම් කළමනාකරු ලෙසින් මෙම පුහුණු සංචාරයට එක් වුණා.මෙම සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.