ශාන්තුවරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්.

[vc_row][vc_column][vc_column_text]බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 86 වැනි වරට සංවිධාන කර තිබූ තරගය මෙවර පැවැත්වුණේ පී සරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තරගය හිදින්වෙන්නේ ශාන්තුවරයන්ගේ සටන ලෙසයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 224 ක් රැස් කළා. ලහිරු චේතක ලකුණු 64 යි. පන්දු යැවීමේදී අශේන් ඩැනියල් කඩුලු 4 ක් බිද හෙලුවා. අනතුරුව ශාන්ත ජෝෂප් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 259 ක්. දිනෙත් ජයකොඩි ලකුණු 122 යි. සධීෂ් ජයවර්ධන ලකුණු 70 ක් රැස් කළා. පන්දු යැවීමේදී විනුද ලියනගේ කඩුලු 4 ක් සහ ට්‍රිශේන් වික්‍රමසිංහ කඩුලු 3 ක් බිද හෙලුවා. ශාන්ත පීතර විද්‍යාලය දෙවැනි ඉනිම සදහා කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියදී තරගයේ නියමිත කාලය අවසන් වුණා. ඒ අනුව තරගය නිමාවුණේ ජය පරාජයෙන් තොරවයි. රිෂික සන්තූෂ් ලකුණු 68 යි. රුවීන් සෙනෙවිරත්න නොදැවී ලකුණු 53 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ කඩුලු 4 යි.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ජොහෑන් ද සිල්වා. හොදම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ විනුද ලියනගේ. ශාන්ත ජෝෂප් විද්‍යාලයේ දිනෙත් ජයකොඩි හොදම පිතිකරු ලෙසත් ශාන්ත පීතර විද්‍යාලයේ දිනාල් හේමනන්ද හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනා ගත්තා. තරගයේ වීරයා ශාන්ත ජෝෂප් විද්‍යාලයේ දිනෙත් ජයකොඩි.

Photo Credits – ThePapare.Com

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top