රග්බි ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයට අයත් තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග බිමට පිවිසියේ උරුගුවේ කණ්ඩායමයි. තරගය ආරම්භ වී සුලු මොහොතකින් දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ ප්‍රංශයයි. ඉන් අනතුරුව තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හයවැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ උරුගුවේ ක්‍රීඩක Nicolas Freitas සමත්වුණා.

11 වැනි මිනිත්තුවේදී ප්‍රංශය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම Antoine Hastoy වාර්තා කරද්දී එහි ප්‍රවර්ථනය සාර්ථක කරගන්නට Melvyn Jaminet සසමත් වුණා. Melvyn Jaminet 16 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරගත් අතර පළමු අර්ධය එලෙසින් නිමාවට පත් වූයේ ලකුණු 13ට 5ක් ලෙසිනි. දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම 53වන මිනිත්තුවේ දී වාර්තා කරන්නට උරුගුවේ ක්‍රීඩක Baltazar Amayaට හැකි වද්දී එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරගනිමින් ලකුණු පුවරුව 13ට 12ක් දක්වා රැගෙන ඒමට ඔවුන් සමත් විය්.

අනතුරුව ප්‍රංශය තවත් උත්සාහක දිනුම් 2ක් හා ප්‍රවර්ථන 2ක් දෙවන අර්ධය තුළ දී සම්පූර්ණ කරමින් ලකුණු තතත්වය ඉහළ නංවාගත්හ. එහිදී Peato Mauvaka හා Louis Bielle-Biarrey උත්සාහක දිනුම් වාර්තා කළහ. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 25ට 12ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ප්‍රංශය සමත් වුණා.