චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි.

කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි කොස්තා, අදීෂ වීරතුංග, ගැමුණු චේතිය ඇතුළත්. තවද ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු රග්බි ක්‍රීඩක ඇඩම් ගව්ඩර් ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී චීන තායිපේ කණ්ඩායම හා දකුණු කොරියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි. තරගාවලිය වෙනුවෙන් එක්වීමට පෙර නායක රත්වත්තේ සදහන් කොට සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙවර කණ්ඩායමට ඇතුළත් නොවන බවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී ඇති බවත්ය.