ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ස්කොට්ලන්තය අද දිනයේදී සමත් වුණා. ඒ ටොන්ගා කණ්ඩායමට එරෙහිව අතිරේක ප්‍රසාද ලකුණක් ද සමගින් ජයග්‍රහණය ලබාගනිමිනි. ඒ අනුව ඔවුන් මේ වන විට B කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වී ඇත.

තරගයේ පළමු අර්ධය තුළදී ස්කොට්ලන්තය උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්ථන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 24ක් රැස්කරද්දී ටොන්ගා ක්‍රීඩකයන් උත්සාහක දිනුමක්, ප්‍රවර්ථනයක් හා දඩුවම් පහරක් සමගින් ලකුණු 10ක් රැස්කිරීමට සමත් විය.

දෙවන අර්ධය තුළදී ටොන්ගා කණ්ඩායමට උත්සාහක දිනුමක් හා ප්‍රවර්ථනයක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි. නමුත් ප්‍රතිවාදී ස්කොට්ලන්තය එම අර්ධය තුළදී ද උත්සාහක දිනුම් 3ක් හා එහි ප්‍රවර්ථන ත්‍රිත්වය සමගින් තවත් ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 45ට 17ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ස්කොට්ලන්තය සමත් විය.