ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා ගැනීමට සමත් විය.
මෙහිදී පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් ළකුණු 50ක් වාර්තා කළ අතර ඉනීමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ ඉෆ්තිකාර් අහමඩ් පන්දු 34කදී ළකුණු 62ක් වාර්තා කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සුපුරුදු වේගවත් ආරම්භය ලබා දීමට නායක ඒරෝන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් සමත්වූ අතර ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු ඉනීමේ වගකීම භාරගත් ස්මිත් සිය සි වන 20-20 අර්ධ ශතක වාර්තා කරමින් ඕස්ට්‍රේලියාව පන්දුවාර 18.3 කදී කටු තුනක් පමණක් බිඳ වැටී ජයග්‍රහණ ඉලක්කය පසු කිරීමට දායක විය. නොදැවී ක්‍රීඩා කළ ස්ටීව් ස්මිත් පන්දු 51කදී ළකුණු 80ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනීමට හතරේ පහරන් 11ක් හා හයේ පහරක් අන්තර්ගත කොට තිබුණි..

පාකිස්තානය 150 – 6 (20) ඉෆ්තිකාර් අහමඩ් 62 ,බාබර් අසාම් 50 ඇස්ටන් ඒගාර් 2 – 23 පැට්‍රික් කමින්ස් 1 -19

ඕස්ට්‍රේලියාව 151 – 3 (18.3) ස්ටීව් ස්මිත් 80 , බෙන් මැක්ඩමර්ත් 21 මොහොමඩ් ඉර්ෆාන් 1 -27

තරගයේ වීරයා – ස්ටීව් ස්මිත්

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top