සාග් පෙර දැක්ම 1987 තෙවන සාග් ක්‍රීඩා උළෙල – කල්කටා

[vc_row][vc_column][vc_column_text]1985දී ඩකා හිදී පැවති දෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1987 තෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ ඉන්දියාවේ කල්කටා නුවර දී නොවැම්බර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි.

ඉන්දියාව එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙය කල්කටාවට අමතරව නැගෙනහිර බෙංගාලය ද කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට තරග සංවිධායකයෝ තීරණය කොට තිබුණි..ඒ අනුව තරගාවලියට තරග ඉසව් දහයක් ඇතුළත්ව තිබූ අතර සුපුරුදු පරිදි රටවල් හතක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වුණි.

1985 තරගාවලියේදී අන්තර්ගත නොවූ පැසිපන්දු ,අත් පන්දු(වොලි බෝල්) හා මේස පන්දු යන ක්‍රීඩා ඉසව් මෙම තරඟාවලියේදී ප්‍රථම වරට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අන්තර්ගත කොට තිබුණි.

එසේම තවත් එක් ඉසව්වක් ලෙස ට Kho Kho නම් ක්‍රීඩාව දකුණු ආසියානු ක්‍රීඩා වලට අන්තර්ගත කොට තිබුණේ එය ඉන්දියාව තුළ ජනප්‍රිය කරවීමේ අරමුණු කොට ගෙන වේ.

තරගාවලිය පුරා මුළු පදක්කම් 360 රටවල් හත තුළ බෙදීයාමට නියමිතව තිබුණු අතර මින් පදක්කම් 43% ක් පමණ ඉන්දියා විසින් හිමි කර ගනු ලැබුවේ ඉන්දියාව තවදුරටත් දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ආධිපත්‍ය තමන් සතුකර ගනිමිනි..

ඉන්දියාව රන් පදක්කම් අනූ එකක් , රිදී පදක්කම් හතලිස් පහක් හා ලෝකඩ පදක්කම් දහ නවයක් සමගින් මුළු පදක්කම් 155 ක් දිනා ගැනීමට සමත් විය.

දෙවන ස්ථානයට පත්වූ පාකිස්තානය රන් පදක්කම් දාසයක් සමගින් මුළු පදක්කම් හැට නවයක් දිනා ගන්නට සමත් විය.

තෙවන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව රන් පදක්කම් හතරක් සමගින් මුළු පදක්කම් තිස් හතරක් දිනා ගැනීමට සමත් විය.

මෙය පසුගිය තරගාවලියට වඩා ශ්‍රී ලංකාව මෙම තරඟාවලිය තුළදී ලැබූ ප්‍රගතියකි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top