සිංහ ධේනුවන් ක්‍රිකට් උපන් දේශයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි.

[vc_row][vc_column][vc_column_text]

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන කාන්තා විස්සයි විස්ස තරගය ඩර්බිහිදී පැවැත්විණ. මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය එකක් බවට පත් වූයේ දෙපිළම එක් තරගයක් ජයග්‍රහණය කොට සිටි නිසාවෙනි. මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමිනි. ඒ අනුව එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලද පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය. තවද වසර 8කට පසුව මවුබිමෙන් පිටතදී විස්සයි විස්ස තරගවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටට හැකිවිය.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළාය. ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තරගයේ පාලනය සියතට ගන්නට සමත් විය.එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ Maia Bouchier ලකුණු 23ක් රැස්කළ අතර ගිබ්සන් හා ජෝන්ස් පිළිවෙළින් ලකුණු 21 හා 20 බැගින් රැස්කිරීමට සමත් විය. තුන් ඉරියව්වෙන් දස්කම් පානා චමරි මෙම තරගයේ පන්දුවාර 4 තුළ ලකුණු 21කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවාය. ඇඇයට අමතරව උදේශිකා ප්‍රබෝදනී හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. ඒ අනුව පන්දුවාර 19කදී එංගලන්ත ක්‍රීඩිකාවන් සියලු දෙනා ලකුණු 116කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු බලඇණියට හැකිවිය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිළෙහි ආරම්භය වේගවත් විය. නායිකා චමරි අතපත්තු හා අනුෂ්කා සංජීවනී එක්ව පවර්ප්ලේ කොටස තුළ කිසිවෙක් නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනීම ලකුණු 65 ක් ලෙසින් දිස්වන විට ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් නායකයා චමරි අතපත්තු දවාගැනීමට කේප්සි සමත් විය. චමරි පන්දු විසි අටක් තුළ හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක් එල්ල කරමින් වේගවත් ලකුණු 44 ක් රැස් කළේ ශ්‍රී ලංකා පිල ජයග්‍රහි මාවතට අවතීර්ණ කරමිනි. අනුෂ්කා සංජීවනීගෙ ඉනීමද ලකුණු 20කදී නිමාවට පත් විය. අනතුරුව හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න හා හෂිණි පෙරේරා එක්ව ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඒ අනුව පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ පලමු වරට එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් ලබමිනි. ඒ අනුව එංගලන්තයේදී පැවතු තරග 3කින් සමන්විත තරගාවලියක් තරග 2-1ක් ලෙස ජයගත් පළමු ආසියාතික කකණ්ඩායම බවටද පත් වන්නට ශ්‍රී ලංකාවට හැකිවිය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top