සිම්බාබ්වේ සතුවූ පරාජයන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී පත් විය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයද පරාජයට පත් වීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය පුරාවට තරග 43ක් පරාජයට පත් වී ඇත.

මින් පෙර වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් ලෝක කුසලාන තරගාවලි තුළදී තරග 42ක් පරාජයට පත් වී ඇත. එහි තෙවන ස්ථානය එංගලන්තයට හිමිවී ඇති අතර ඔවුන් තරග 37ක් පරාජයට පත් වී ඇත.

එක්දින ලෝක කුසලානයේදී වැඩිම තරග පරාජය වූ කණ්ඩායම
ශ්‍රී ලංකාව 43
සිම්බාබ්වේ 42
එංගලන්තය 37
පාකිස්තානය 36
නවසීලන්තය 35
බටහිර ඉන්දීය කොදෙව් 35

Back To Top