තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කල 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020 විවෘත මැරතන් තරගාවලිය (කාන්තා/පිරිමි) කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින්  26 උදෑසන පැවැත්විණි.මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල අසලින් මැරතන් තරගාවලියේ සමාරම්භය සිදු විය.

දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙක් මෙම තරගාවලියට එක්වූහ. ක්‍රීඩකයන් 50 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 22 දෙදෙනෙක් ඒ අතර වූහ. තරගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 42.195 කි.එහිදී විවෘත මැරතන් තරගාවලියේ පිරිමි ශූරතාව මධ්‍යම පළාත නියෝජනය කළ එම්. සිවරාජන් ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි.

අනුශූරතාව බස්නාහිර පළාත නියෝජනය කළ ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර ක්‍රීඩකයා දිනා ගත්තේය. තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ වයඹ පළාත නියෝජනය කළ ඩබ්.එම්.එස්.කුමාර ක්‍රීඩකයා විසිනි.
විවෘත මැරතන් තරගාවලියේ කාන්තා ශූරතාව මධ්‍යම පළාතේ ඩබ්.ඊ.එල්.වී.ක්‍රිශාන්තනී ක්‍රීඩිකාව දිනාගත්තාය. එහි අනුශූරතාවය මධ්‍යම පළාතම නියෝජනය කළ එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්.හේරත් ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබුවාය.තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ සබරගමු පළාත නියෝජනය කළ ඒ.එල්.එස්.ඩී.ලියනගේ ක්‍රීඩිකාව විසිනි.

ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේ දී පැවැත්විණි.

විවෘත මැරතන් තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන  – 2021-03-26

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

 

එම්. සිවරාජන්

 

මධ්‍යම පළාත

 

 

2.29: 29

 

ජය සංකේතය සමග මුදලින්

රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර බස්නාහිර පළාත

 

2.32: 14 ජය සංකේතය සමග මුදලින්

රු. 40,000/-ක්

 

3 වන ස්ථානය ඩබ්.එම්.එස්.කුමාර වයඹ පළාත

 

2.33: 45 ජය සංකේතය සමග මුදලින්

රු. 30,000/-ක්

 

4 වන ස්ථානය ඩී.ජී.ඩිලාන් සඳරුවන් බස්නාහිර පළාත

 

2.35: 28 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 20,000/-ක්

 

5 වන ස්ථානය ආර්.එම්.වයි.ජී.එන්. අසේල බණ්ඩාර මධ්‍යම පළාත

 

2.35: 44 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ආර්.ඩී.එන්.එස්.කරුණාරත්න සබරගමු පළාත 2.38: 10 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 16,000/-ක්

 

7 වන ස්ථානය කේ.නිෂාන් මධුරංග වයඹ පළාත 2.40: 07 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 14,000/-ක්

 

8 වන ස්ථානය එන්.පී. සෂේන් බස්නාහිර පළාත

 

2.40: 27 ත්‍යාග පාර්සලය සමග මුදලින්     රු. 12,000/-ක්

 

9  වන ස්ථානය ආර්.එම්.රෝෂිත බණ්ඩාර වයඹ පළාත

 

2.40: 55 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 10,000/-ක්

 

10  වන ස්ථානය කේ.එම්.ජේ. ප්‍රදීප් විජේරත්න උතුරු මැද පළාත 2.42: 26 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 8,000/-ක්

 

 

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

විවෘත මැරතන් තරගාවලිය  (කාන්තා)  – ප්‍රතිඵල සටහන  – 2021-03-26

 

ලබාගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ලබාදුන් මූල්‍යමය

ප්‍රදානය

1 වන ස්ථානය ඩබ්.ඊ.එල්.වී.ක්‍රිශාන්තනී මධ්‍යම පළාත

 

02.55: 30 ජය සංකේතය සමග මුදලින්

රු. 50,000/-ක්

2 වන ස්ථානය එච්.එම්.ඩබ්ලිව්.ජී.ඩබ්ලිව්.එම්.හේරත් මධ්‍යම පළාත

 

02.57: 15 ජය සංකේතය සමග මුදලින්

රු. 40,000/-ක්

3 වන ස්ථානය ඒ.එල්.එස්.ඩී.ලියනගේ සබරගමු පළාත

 

03.00: 19 ජය සංකේතය සමග මුදලින්

රු. 30,000/-ක්

4 වන ස්ථානය ඒ.එස්.එන්.බණ්ඩාර සබරගමු පළාත 03.04: 45 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 20,000/-ක්

 

5 වන ස්ථානය එම්.එස්.පී.මධුමාලි පෙරේරා බස්නාහිර පළාත

 

03.07: 02 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 18,000/-ක්

 

6 වන ස්ථානය එච්.වී.සී.දමයන්ති සබරගමු පළාත

 

03.12: 31 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ඒ.එම්.එන්.කේ. ප්‍රනාන්දු බස්නාහිර පළාත

 

03.20: 20 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 14,000/-ක්

 

8 වන ස්ථානය එස්.හේමප්‍රිය උතුරු පළාත

 

03.40: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 12,000/-ක්

 

9  වන ස්ථානය එම්.එච්.එම්. ද සිල්වා සබරගමු පළාත

 

4.04: 46 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 10,000/-ක්

 

10  වන ස්ථානය එස්.ඩී. හේමන්ති බස්නාහිර පළාත

 

4.06: 00 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 8,000/-ක්

 

 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා  සහභාගී වූ අතර කතරගම ප්‍රාදේශිය ලේකම් ඒ.එම්. නන්දසිරි, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අනිල් රංග, කතරගම පොලිස් ස්ථානාධිපති ලියනගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල යන මහත්වරු එක්ව සිටියහ.