වයස අවුරුදු දහනමයෙන් පහළ එදින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය අද දිනයේදී පැවැත්වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසිය වයසේ දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනුර කලුපහන පන්දු 83කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 53ක් රැස් කළේය. මෙම අර්ධ ශතකය ඔහු මෙම තරගාවලිය තුළ රැස්කළ තුන්වන අර්ධ ශතකයයි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මල්ශ තරුපති පන්දු 38දී හතරේ පහර හතක් සමගින් ලකුණු 42 රැස් කළේය. පොදු යැවීමේදී බටහිරින්දික දුක කණ්ඩායම වෙනුවෙන් රැනීකෝ ස්මිත් ලකුණු 47ට කඩුලු හතරක් බිඳ හෙලීය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන කොදෙව් යෞවනයන් පන්දුවාර 49 පන්දු 3කදී කඩුලු හතක් දැවී තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීව් වෙඩර්බර්න් පන්දු 71කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 61 රැස් කළේය. කුදු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නේතන් සීලී පන්දු 28කදී නොදැවී ලකුණු 27ක් රැස් කළේය. ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ දිනුර, විශ්ව හා සිනෙත් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය සමගින් සුපිරි හය වටයේ දෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණෙන්නට කොදෙව්වන්ට හැකිවිය.