දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. ක්ලාසන් දකුණු අප්‍රිකාව සඳහා සීමිත පන්දුවාර ආකෘතිවලින් දිගටම ක්‍රීඩා කරනු ඇත.

ක්ලාසන් 2019 සහ 2023 අතර ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඉන්දියාවට එරෙහිව පැවැති අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් ඩීන් එල්ගාර්ගේ ටෙස්ට් දිවිය අවසන් වීමෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ආකෘතියෙන් සමුගත් දෙවැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා බවට ක්ලාසන් පත්විය.

32 හැවිරිදි වියෙහි පසුවන ක්ලාසන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර ලකුණු 104ක් රැස්කොට ඇත.