1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය
දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්යන්තර තරගයක දී කනිෂ්ඨ ක්රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් පදක්කමක් දිනාගත් පලමු ලාංකිකයා වෙමින් 2007 වර්ෂයේ දී කොළඹ දී පැවැත් වූ දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවයය්් දී ලොකඩ පදක්කම ශි ලංකාවට දිනා දීමට වරුණ සමත් විය.
2017 වර්ෂයේ දී ලන්ඩන් හි පැවති ලොක ශුරතා මලල ක්රීඩා උළෙලට ලොව හොඳම ක්රීඩකයන් 32 අතරට පැමිණ සුදුසකම් ලබා ගත් වරුන ලෝක ශුරතා තරගයට පිරිමි හෙල්ල විසි කිරිමෙ ඉසව්වට ශ්රී ලංකාවෙන් සහභාගි වූ පලමු හා එකම ක්රිඩකය වෙ එසේම 2015 ව වර්ශයෙදි පවතී ලෝක ආරක්ශක සේවා ක්රීඩා උලෙළට ද සහභාගි විය.වරුන අවස්ථා 3 ක දි ආසියානු ශුරතා තරගවලි සදහා ශ්රී ලංකාව නියොජනය කලෙය එසෙම ආසියානු ගොන්ෆ්රී තරග 11 දී ශ්රී ලංකාව නියොජනය කරන ලදී.2010 හා 2019 වර්ශයෙදි ද දකුණු අසියානු ක්රීඩා උලෙළට සහභාගි විය.
මිට අමතරව 2013 වර්ෂයේ කැඩෙට් නිළධාරියකු වශයෙන් ශ්රී ලංකා යුධ හමුදාවට බැදී දැනට ශ්රී ලංකා යුධහමුදා කපිතාන් වරයෙකු වශයෙන් රාජකාරී කරන අතර ශ්රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ නිළධාරි පාඨමාලාවක් සම්පුර්ණ කර ක්රීඩකයකු වශයෙන් ලෝක මට්ටම නීයෝජනය කල ප්රථම නිළධාරියා බවට පත් විය.