2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා පැවැත්වීමට නියමිත ICC පිරිමි T20I ලෝක කුසලානය හැරුණු විට ශ්‍රී ලංකාව 2024 වසර පුරාවට ටෙස්ට් තරග දහයක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

2024 ජනවාරි
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත.

ජනවාරි – පෙබරවාරි
ජනවාරි 23 සිට පෙබරවාරි 10 දක්වා ඇෆ්ගනිස්ථානයට එරෙහි T20I තරඟ තුනක්, ODI තරඟ තුනක් සහ එක් ටෙස්ට් තරඟයක් ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයනු ඇත

පෙබරවාරි – මාර්තු
ටෙස්ට් තරඟ දෙකක්, තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයට එක්වීමට නියමිතය.

2024 ජූනි
ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ඇත.

ජූලි
එක්දින තරඟ තුනකින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත සංචාරක් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය. ඉන්දීය ක්‍රිකට් කැලැන්ඩරයේ එළඹෙන වසර වෙනුවෙන් ඇති එකම එක්දින තරගාවලිය මෙයයි.

අගෝස්තු – සැප්තැම්බර්
ශ්‍රී ලංකාව අගෝස්තු 21 සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වෙන ටෙස්ට් තරඟ තුනක් සඳහා එංගලන්ත සංචාරයට එක් වනු ඇත.

සැප්තැම්බර්
නවසීලන්තයට එරෙහිව මව්බිමේදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත ය.

ඔක්තෝබර්
ඔක්තෝම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරඟ තුනක් සහ T20 තරඟ තුනක් මෙරටදී පැවැත්වෙයි.

2024 නොවැම්බර්
වසර තුළ දෙවැනි වරටත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයකට එක්වන අතර එහිදී එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත ය.

නොවැම්බර් – දෙසැම්බර්
2024 අවසානයේ දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත ය.

දෙසැම්බර් – ජනවාරි
2024/25 නවසීලන්ත සංචාරයට අදාළ එක්දින තරග තුනක් සහ විස්සයි20ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත ය.