ශතකය සැමරීමට චෙක්ලට් බාර් කන ස්ම්ත්ගේ අපූරු දඩුවම

[vc_row][vc_column][vc_column_text]පසුගියදා බ්‍රිස්බේන්නි පැවති ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ප්‍රථම ටෙස්ට් තරගයද් ඉනීමක හා ළකුණු 5කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ළකුණු 580ක් ලබාගත්තේ මාර්නස් ලබුශේන් හා ඩේවිඩ් වෝනර්ගේ ශතක වල දායකත්වයෙන්.. එම තරගයේ ස්ටීව් ස්මිත් ළකුණු 4කට දැවීගියේ පන්දු 10කට පමණක් මුහුණ දෙමින්. ඔහු යසීර් ශා ඉදිරියේ දැවීගිය අතර මේ අනුව මෙතෙක් ස්මිත් යසීර් ඉදිරියේ 7 වතාවක් දැවීගොස් තිබෙනවා.
පසුගියදා නිමාවට පත්වූ අළු බදුන තරගාවලියේ වැඩිම ළකුණු ලාභියවූ ස්ම්ත් සාමාන්‍ය 110.57ක් රදවා ගනිමින් ළකුණු 774ක් ලබා ගැනීමට සමත්වුණා. අවසන් ඉනීම් 43 තුළදී ස්මිත් දැවිගිය අඩුම ළකුණු සංඛ්‍යාව තමයි එදා බ්‍රිස්බේන් වලදී දැවීගිය මේ ළකුණු හතරේ ඉනීම.

ස්මිත් තමා නොසැලකිලිමත් ලෙස දැවීගිය බවට වරද පටවාගනිමින් ඔහු තමා වෙතම දඩුවම් පනවා ගැනීමට තීරණය කොට තිබුණා.ඒ දඩුවම තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැගුම්ගෙන සිටි හෝටලය දක්වා ක්‍රීඩාංගණයේ සිට දිවයාමට. කණ්ඩායම රැගෙන යාමට පැමිණි බස් රථයට ගොඩවීම ප්‍රතික්ෂේප කළ ස්මිත් මෙලෙස කිලෝමීටර් 3ක පමණ දුරක් දිවගොස් තිබෙනවා

ඔහු මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියලා තිබුණේ වසරක තරග තහනමෙන් පසුව අළු බදුන තරගාවලියේදී තමා දක්ශතා දැක්වූ අතර මෙලෙස දුර්වල අපරික්ෂාරී පහරක් එල්ල කළ නිසා දැවීයාම පිළිබඳව තමා දඩුවම් පනවා ගත් බවයි.
එලෙසම ඔහු ශතකයක් රැස් කළ දිනට රාත්‍රියේදී චොකලට් බාර් එකක් ආහාරයට ගෙන තමා වෙතම ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top