නුවන් තුෂාර මංගල තරගයේම වැඩ පෙන්වයි

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ මුම්බායි කේප්ටවුන් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය කළ නුවන් තුෂාර පන්දුවෙන් විශිෂ්ට දස්කම් පාන්නට අද දිනයේදී සමත් වුණා. එහිදී නුවන් තුෂාර පිට පිට පපන්දු 2කදී කඩුලු 2 දවාගැනීමට සමත් වුණා

තුෂාර හමුවේ දැවී ගියේ එංගලන්ත නායක ජෝස් බට්ලර් හා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ෆේබියන් ඇලන් ය. මෙම තරගයේදී නුවන් තුෂාර පන්දුවාර හතර තුළ ලකුණු 27කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

Back To Top