World Sports Group පළමු වරට සංවිධානය කරන Asian Legends ලීග් තරගාවලිය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනයේ සිදුවිය. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් රටවල් 5ක් නියෝජනය කරමින් පැරණි ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය.

මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ලයන්ස්, ඇෆ්ගනිස්ථාන් පතාන්ස්, බංග්ලාදේශ් ටයිගර්ස්, පාකිස්තාන් ස්ටාර්ස් හා ඉන්දියන් රෝයල්ස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. ඕමානයේ පැවැත්වෙන තරගාවලිය තරග 15කින් සමන්විත වෙයි. තරගාවලිය එළඹෙන මාර්තු මස 13 වනදා සිට 21වනදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම හා ජර්සි නිළ වශයෙන් එළි දැක්වීමේ උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා වත්මන් තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග ද සහභාගි විය