https://www.srilankan.com/en_uk/lk

ප්‍රතික්ෂේප වීම එක්තරා ආකාරයක මෝටිවේෂන් එකක් – චමරි අතපත්තු

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සදහන් කොට ඇත්තේ 2024 කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිවෙකු තමාව කණ්ඩායමට එක් කොට නොගැනීම පිළිබඳව කම්පනයට නොව පුදුමයට පත් වූ බවත් ප්‍රතික්ෂේප කිරීම තමාට යම් ආකාරයක පෙළඹවීමක් ලබා දුන් බවත්ය.

” ඔවුන් මාව තෝරා නොගත් නිසා මම කම්පනයට පත් වුණේ මෑ. ඒත් මම පුදුම වුණා. මේ දේවල් මට පාලනය කරන්න බෑ. සමහර පුහුණුකරුවන් හෝ සමහර කණ්ඩායම් කළමනාකාරීත්වය තමයි මෙම තීරණ ගන්නේ. මට මේ දේවල් පාලනය කරන්න බැහැ, නමුත් මට පාලනය කරන්න පුලුවන් මගේ පිතිකරණය, මගේ පන්දු යැවීම. මට ඕන මට කරන්න පුළුවන් දේ කරන්න විතරයි.”

WBBL ට පෙර පැවති ක්‍රීඩක කෙටුම්පතේ දී ද ඇයව තෝරා නොගත් අතර ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් ඇය තරගාවලියට එක්විය. චමරි තරගාවලියේ දී ලකුණු 552ක් සමඟින් තරඟාවලි අවසන් කළේ වැඩිම ලකුණු ලාභියා වන බෙත් මූනිට වඩා ලකුණු පහක් පමණක් පිටුපසින් සිටිමිනි. නමුත් එම දක්ෂතා පවා ඇයව WPL තරඟාවලියට තෝරා නොගත් අතර, ලෝරන් බෙල් ඉන් ඉවත් වූ පසු ආදේශක ක්‍රීඩිකාවක් ලෙස UP Warriorz කණ්ඩායමට ඇයව එක් කොට ගැණුනි.

“ප්‍රතික්ෂේප කිරීම මට යම් ආකාරයක පෙළඹවීමක්, ඒක මට හොඳයි, මොකද සමහර විට මට ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම මට කළ හැකි දේ පෙන්වීමට මට අවශ්‍යය. එය කළ නොහැකි යැයි යමෙකු පැවසුවහොත්, එය කරන්න. එය මගේ දර්ශනයයි. මට අවශ්‍ය වන්නේ මට කරන්න පුලුවන් දේ කුමක්දැයි ඔප්පු කිරීමට පමණයි”.

සමර්සෙට් ප්‍රාන්ත ක්‍රීඩික ක්‍රීඩිකාවන් දින 13ක සංචාරයක් වෙනුවෙන් මෙරටට

දින 13ක තරග සංචාරයක් සදහා එක්වන සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 7වනදා එනම් අද දිනයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ක්‍රීඩකයන් 40ක් පමණ මෙම සංචාරයට එක්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සිදුකරන අතර පුහුණු තරග ද ක්‍රීඩා කිරීමට නියමිත ය.

වවයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩයේ හා වයස අවුරුදු 18න් පහළ බාලිකා ලෙස කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණීමට නියමිතය. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණු කාර්‍ය මණ්ඩලය හෙට දිනයේදී මෙරටට ලගා වන අතර ඔවුන් පෙබරවාරි මස 19වනදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.

මෙම තරග සංචාරයට පෙර සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් සභාපති ශ්‍රීමත් මයිකල් බාබර් සදහන් කොට සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව අතින් මෙන්ම සංස්කෘතික වශයෙන්ද මෙම තරග සංචාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපූරු අත්දැකීමක් වනු ඇති බවයි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි තවත් ඉදිරියට

නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් චන්දිමාල් 23 වැන්නා ලෙසද ඇන්ජිලෝ මැතිව්ස් ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 24 වැන්නා බවටද පත් වී ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ස්ථාන 7කින් ඉදිරියට පැමිණෙමින් 34 වන ස්ථානයේ පසුවද්දී කසුන් රාජිත ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 44 වැන්නා බවට පත් ව ඇත. විශ්ව ප්‍රනාන්දු ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට 51වන ස්ථානය හිමිකොටගෙන ඇත.

බංග්ලාදේශයට රංගන හේරත්ගේ සේවය අහිමි වෙයි

ශ්‍රී ලංකා හිටපු දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත.

බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඔවුන් එළඹෙන මස ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත පසුබිමක දගපන්දු පුහුණුකරු ධූරය පුරප්පාඩු වී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යූනුස් මේ බව තහවුරු කොට ඇති අතර ඔහු සදහන් කොට ඇත්තේ ඔවුන් රංගන හේරත්ට කළ යෝජනාව පිළිනොගත් බැවින් තවදුරටත් හේරත් බංග්ලාදේශ කණ්ඩායම සමගින් කටයුතු නොකරනු ඇති බවයි.

යූනුස් වැඩි දුරටත් සදහන් කොට ඇත්තේ ඔවුන් මේ වන විටත් පුහුණුකරුවන් ලැයිස්තු ගත කොට ඇති බවයි. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පිතිකරණ,වේගපන්දු යැවීම, දත්ත සමීක්ෂක ඇතුලු තනතුරු කිහිපයක් වෙනුවෙන් පසුගිය දිනවලදී අයදුම්පත් කැදවා තිබුණි.

දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යොමුකොට ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත.

සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් දස්කම් පාන්නට අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත් වුවද නුවනිදු ප්‍රනාන්දුට සංචිතයේ ස්ථානය අහිමි වී ඇත. විස්සයි විස්ස නායක වනිදු හසරංග යළිත් සංචිතයට එක්වද්දී ජෙෆ්‍රි වැන්ඩසේට සිය ස්ථානය අහිමි වී ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
ශෙවෝන් ඩැනියල්
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුසංඛ
ප්‍රමෝද් මධුෂාන්

Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේදී

දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්‍රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත.

මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් හා චටිස්ගාර් බුල්ස් යන කණ්ඩායම් හයයි.

Sri Lanka Vs Afghanistan Only Test | Day 04

[ess_grid alias=”sl-vs-afg-test-day-4″][/ess_grid]

Sri Lanka Vs Afghanistan Only Test | Day 03

[ess_grid alias=”sl-vs-afg-test-day-3″][/ess_grid]

Sri Lanka Vs Afghanistan Only Test | Day 02

[ess_grid alias=”sl-vs-afg-test-day-2″][/ess_grid]

පූර්ණ තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මාර්තු මස බංග්ලාදේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත පූර්ණ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා එළඹෙන මාර්තු මසදී බංග්ලාදේශ තරග සංචාරකට එක්වීමට නියමිතය. තරග සංචාරයට එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වී ඇත.

සංචාරය ආරම්භ කරමින් පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින හා ටෙස්ට් තරගාවලි පැවැත්වෙයි. විස්සයි විස්ස තරගාවලිය මාර්තු මස 4වනදා Sylhet හිදී ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලිය චිතගොන් හිදී පැවැත්වෙන අතර ටෙස්ට් තරඟ 2ක චීතගොන් හා සිලෙට් හිදී පැවැත්වෙයි.

තරග කාලසටහන

First T20I: March 4, Sylhet
Second T20I: March 6, Sylhet
Third T20I: March 9, Sylhet

First ODI: March 13, Chattogram
Second ODI: March 15, Chattogram
Third ODI: March 18, Chattogram

First Test: March 22-26, Sylhet
Second Test: March 30-April 3, Chattogram

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරියන් ලෙසින් කිරුලු දරයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 3ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය. එහිදී නෙත්මි සේනාරත්න පන්දු 57කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 66ක් රැස්කිරීමට සමත් වද්දී අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ දෙව්මි විහන්ගා පන්දු 42කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 49ක් රැස්කිරීමට සමත් විය.

ජයග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ රබේයා ඛාන් ලකුණු 31ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විහංගා ලකුණු 13කට කඩුලු 3ක් ද රශ්මි සංජනා හා යසන්ති නිමන්තිකා කඩුලු 2 බැගින් ද දවාගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වවෙන් දස්කම් පෑ දෙව්මි විහංගා සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ ආරම්භක තරගය බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වූ නමුත් සාර්ථක අන්දමින් තරගාවලිය අවසන් කිරීමට සමත් වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.

Afghanistan tour of Sri Lanka Only Test | Day 1

[ess_grid alias=”sl-vs-afg-test-day-1″][/ess_grid]