Category: Sinhala

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය සුයොරු ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගෙන දැනටමත් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටී. ශ්‍රී ලංකා සහ උගන්ඩා […]

දෝනිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් – මහීෂ් තීක්ෂණ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සදහන් කොට ඇත්තේ එම්එස් දෝනිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් බවයි. මහීෂ් 2022 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කර ඇති අතර ඔහු මේ වන විට කඩුලු 23ක් දවාගැනීමට සමත් වී ඇත. Cricket.com සමගින් පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම්එස් දෝනිගේ නායකත්වය පිළිබඳව මහීෂ් මෙලෙසින් අදහස් දක්වා […]

දඹුල්ල හා කොළඹ ක්‍රීඩිකාවන් ජයග්‍රහණ වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තවත් තරග දෙකක් අද දිනයේදී පැවැත්වුණා. එම තරංගවලින් ජයග්‍රහණ වර්තා කිරීමට කොළඹ කණ්ඩායමද සහ දඹුල්ල කණ්ඩායම සමත් වුණා. මහනුවර කණ්ඩායම සහ දමුල්ල කණ්ඩායම අතර තරගයේ පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී. කාසිය වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන […]

Sri Lanka Insurance General forges strategic partnership with Mercantile Cricket Association

Embarking on a new beginning, Sri Lanka Insurance General and the Mercantile Cricket Association (MCA) have forged a strategic partnership leveraging the strengths of both entities, offering distinctive collaborative benefits to MCA members. At a press conference held recently to announce the partnership, a Memorandum of Understanding (MoU) was exchanged between Mahesh de Alwis, President, […]

අන්තර් පාසල් සහය දිවීමේ තරගාවලිය අනුරාධපුරයේ දී

අන්තර් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මසදී පැවැත්වීමට පාසල් මළල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 6, 7 හා 8 යන තෙදින තුළ දී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙයි. ඒ අනුව වයස අවුරුදු […]

විරේන් නෙත්තසිංහට ඉරානයේදී ලෝකඩ පදක්කමක්

32වන වරට ඉරානයේ දී පැවති Fajr ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 29 වනදා සිට පෙබරවාරි මස 4වනදා දක්වා ඉරානයේ Yazd හිදී පැවැත්විණි. තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ දී ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයර්වන්ඩ් ලකුණු 21-5ක් හා 21-11 ලෙසින් පරාජයට පත් කරමින් […]

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයකට

විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත ය. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග 7ක් ඇතුළත් වී ඇත. උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 10 වනදා මෙරටට පැමිණීමට නියමිත වී ඇත. උගන්ඩා කණ්ඩායම විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ජාතික කණ්ඩායම සමගින් නොව නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා […]

ප්‍රතික්ෂේප වීම එක්තරා ආකාරයක මෝටිවේෂන් එකක් – චමරි අතපත්තු

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සදහන් කොට ඇත්තේ 2024 කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිවෙකු තමාව කණ්ඩායමට එක් කොට නොගැනීම පිළිබඳව කම්පනයට නොව පුදුමයට පත් වූ බවත් ප්‍රතික්ෂේප කිරීම තමාට යම් ආකාරයක පෙළඹවීමක් ලබා දුන් බවත්ය. ” ඔවුන් මාව තෝරා නොගත් නිසා මම කම්පනයට පත් වුණේ මෑ. ඒත් මම පුදුම වුණා. මේ දේවල් මට පාලනය කරන්න […]

සමර්සෙට් ප්‍රාන්ත ක්‍රීඩික ක්‍රීඩිකාවන් දින 13ක සංචාරයක් වෙනුවෙන් මෙරටට

දින 13ක තරග සංචාරයක් සදහා එක්වන සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 7වනදා එනම් අද දිනයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ක්‍රීඩකයන් 40ක් පමණ මෙම සංචාරයට එක්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සිදුකරන අතර පුහුණු තරග ද ක්‍රීඩා කිරීමට නියමිත ය. වවයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩයේ හා වයස අවුරුදු 18න් […]

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි තවත් ඉදිරියට

නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් […]

Back To Top