Category: Sinhala

ශ්‍රී ලංකා යෞවනයන් ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමත් විදිනයේදී සමත් වුණා. ඒ නැමිබියානු කණ්ඩායම ලකුණු 77 කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දහනමයෙන් පහළ කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් සුපිරි හය දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. […]

වෙළඳ සේවා F කොටසේ තරගාවලියට Fairfirst රක්ෂණ සමාගම අනුග්‍රහය දක්වයි

Fairfirst Insurance Limited අඛණ්ඩව 06 වන වසරටත් වෙළඳ සේවා “F” කොටසේ පන්දුවාර 25 තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකයන් ලෙසින් සම්බන්ධ වී ඇත. IPD Global, Cameralk සහ Empire Tea යන නවක කණ්ඩායම් 03ක් ඇතුළුව කණ්ඩායම් 28ක් මෙම තරඟාවලියට සහභාගී වී ඇත. තරඟාවලිය අදියර 02 කින් පැවැත්වේ; “ලීග්” අදියර, අර්ධ දින තරඟ 84 කින් සහ “පිළුමලුන් පිටුදැකීමේ” අදියර, අවසන් […]

නුවන් තුෂාර මංගල තරගයේම වැඩ පෙන්වයි

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ මුම්බායි කේප්ටවුන් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය කළ නුවන් තුෂාර පන්දුවෙන් විශිෂ්ට දස්කම් පාන්නට අද දිනයේදී සමත් වුණා. එහිදී නුවන් තුෂාර පිට පිට පපන්දු 2කදී කඩුලු 2 දවාගැනීමට සමත් වුණා තුෂාර හමුවේ දැවී ගියේ එංගලන්ත නායක ජෝස් බට්ලර් හා බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ෆේබියන් ඇලන් ය. මෙම තරගයේදී නුවන් […]

පාකිස්තාන ක්‍රිකට් අර්බුදය තවත් උඩුදුවයි

සකා අෂ්රෆ් පාකිස්තාන ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිකුරාදා ලාහෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පැවති කමිටුවේ සිව්වැනි රැස්වීමෙන් පසුව ඔහු සිය තීරණය ප්‍රකාශ කොට ඇත. ඔහු ජූලි මාසයේදී අතුරු පාලක කමිටු ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර, දස දෙනෙකුගෙන් යුත් මණ්ඩලය පත් කළේ මාස හතරක් ඇතුළත මැතිවරණ පවත්වන තෙක්‍ ය. නමුත් නියමිත […]

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් තණතීරු ආනයනය කිරීමට ඇමරිකාව සැරසෙයි

2024 වසරේ පැවැත්වෙන විස්ස ලෝක කුසලානය තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවෙන් තණතීරු ආනයනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇත. ලෝක කුසලාන තරඟ සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ෆ්ලොරිඩා වෙත තණතීරු තැටි නැව්ගත කරන පළමු අවස්ථාව මෙය බවට පත් වනු ඇත. 2024 ජූනි මාසයේ ආරම්භ වන T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදයට හිමි වී ඇත. කෙසේ වෙතත්, […]

අයර්ලන්තය හා සත්කාරක දකුණු අප්‍රිකාව ජයග්‍රහණ වාර්තා කරයි

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අද දිනයේදී පැවති තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව සමත් විය තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ඇමරිකා එක්සත් ජනපදයයි. අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඇමරිකාව සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 105ක් පමණයි.එහිදී […]

NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාලසටහන18-21 January 2024Galle vs Kandy @MRICSJaffna […]

කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]

අවිශ්කගේ බරඅවි ප්‍රහාරයෙන් SSC පිළ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද දිනයේදී ක්‍රියාත්මක වුණා. මෙම තරඟය වෙනුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය තරඟ බිමට අවතීර්ණ වූයේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදීය. SSC නායක නිපුන් ධනංජය අද තරඟයට ක්‍රීඩා නොකළ හෙයින් අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ SSC කණ්ඩායම තරඟ වැදුණි. කාසිය වාසිය දිනූ […]

යොවුන් ලෝක කුසලානය හේතුවෙන් ශ්‍රී ලංකා නායකයාට උසස්පෙළ විභාගය අහිමි වෙයි

2024 ICC 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස පත් කර ඇති සිනෙත් ජයවර්ධනගේ උපදේශකයා වන රියාස් අලුහර් විශ්වාස කරන්නේ සිනෙත් රාජකීය විද්‍යාලයට කීර්තියක් ගෙන එනු ඇති බවයි.සිනෙත් ඉගෙනුම ලබන විද්‍යාලයේ සහකාර විදුහල්පති මෙන්ම ක්‍රීඩා 35 භාරව කටයුතු කරන්නේ රියාස් අලුහර් ය. ” සිනෙත්ට මේ වසරේ උසස් පෙළ විභාගය […]

සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට

අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජයයි. තරගයේ කාසිය වාසිය දිනූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. නමුත් සෙබස්‍තීයනයිට්ස් පන්දු බලඇණිය හමුවේ බදුරලිය ඉනීම ලකුණු 108කට සීමා විය. ඉනීමේ වැඩිම […]

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් හමුවෙයි

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි. එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.  කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර […]

Back To Top